ආසියානු කුසලාන සිහිනය සමගින් අදත් පිටියට

  • Home
  • /
  • Sports
  • /
  • ආසියානු කුසලාන සිහිනය සමගින් අදත් පිටියට

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 2වන තරඟය අද පාකිස්තානය සමග අබුඩාබි හි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. මෙය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරඟයක්.

පසුගිය දා බංගලාදේශය සමග පැවති සුපිරි 4 දෙනාගේ තරඟය තියුණු ලෙස පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවට මේ වන විට හිමි වන්නේ සුපිරි 4 දෙනාගේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයයි. ඉන්දියාව එහි පළමු ස්ථානයේ රැඳී සිටින අතර බංගලාදේශය 2වන ස්ථානයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කිරීමත් සමග බංගලාදේශයට අවසන් පූර්ව වටය සඳහා අවස්තාව හිමි වූ අතර එවන් පසුබිමක පසුගිය දා ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ප්‍රේක්ෂකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වුණා. 

එහි කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළා. මෙහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කල හිටපු නායක දසුන් ශානක විශිෂ්ඨ ලකුණු 64ක් රැස් කළා. බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ආරම්භක පිතිකරු යුගලය වන කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිළිවලින් ලකුණු 34ක් හා 22ක් රැස් කළා.

පන්දු යැවීමේදී කැපී පෙනුණු දස්කම් දැක්වූ දසුන් ශානක සහ වනිඳු හසරංග කඩුළු 2 බැගින් දවා ගත්තා. පන්දු 6කට ලකුණු 5ක් රැස් කිරීමට ඉතිරිව තිබියදී අවසන් පන්දු වාරය සඳහා පන්දුව භාරගත් දසුන් ශානක එහිදී කඩුළු 2ක් දවා ගැනීම විශේෂත්වයක්. මේ අනුව බංගලාදේශය 1 පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුළු 6ක් දැවී ජයග්‍රාහී ලකුණු 169 රැස් කළා.

 

 

Image credit goes to by : https://www.facebook.com/srilankacricket

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025