ඇමරිකාවට තහනම් වුණ ක්‍රිකට් සෙල්ලම

  • Home
  • /
  • Sports
  • /
  • ඇමරිකාවට තහනම් වුණ ක්‍රිකට් සෙල්ලම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබෙන්නේ ඇමරිකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ ඇති බැඳීම් දිගින් දිගටම උල්ලංගණය කිරීම මෙම තීරණයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටිනවා.

කෙසේ වෙතත් මේ තීරණය මගින් ඇමරිකා ක්‍රිකට් කණ්ඩායමට 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන තරඟාවලි සඳහා සහභාගී වීමට බාධාවක් වන්නේ නැහැ.

ICC විසින් ලැයිස්තුගත කර ඇති ව්‍යවස්ථාමය උල්ලංඝනයන් අතර, ක්‍රියාකාරී පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සහ එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් කමිටුව සමඟ national governing body (NGB) status එක ලබා ගැනීම සඳහා ප්‍රගතියක් නොපෙන්වීමත් ඇතුළත් වෙනවා.

“සාමාජිකත්ව නිර්ණායකයන්ට අනුකූල නොවීම” සම්බන්ධයෙන් 2024 ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM), USA ක්‍රිකට් ආයතනයට මීට පෙර දැනුම්දීමක් ලබා දී ඇති අතර ගැටළු නිරාකරණය කිරීමට මාස 12 ක කාලයක් ලබා දී තිබුණා.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025