ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව දැක්වූ විස්කම්

  • Home
  • /
  • Sports
  • /
  • ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව දැක්වූ විස්කම්

ක්‍රිකට් පිටිය උණුසුම් කළ ඉන්දියා පාකිස්තාන අවසන් මහා තරඟයේ ජය තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 146ක් රැස් කළා. ඉන්දියාව පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුළු 5ක් දැවී ජයග්‍රාහී ලකුණු 150 රැස් කළා.

තරඟයේ වීරයා ලෙස තිලක් වර්මා සම්මාන ලබද්දී තරඟාවලියේ වීරයා අභිෂේක් ෂර්මා.

විශිෂ්ඨ ශතකයක්ද සමගින් තරඟාවලිය තුළ කැපී පෙනෙන දස්කම් දක්වූ පැතුම් නිස්සංක වැඩිම ලකුණු ලාභීන් අතර 2 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම 2025 ආසියානු කුසලානයේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේද පැතුම් නිස්සංක ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 107 ක අගයයි. එය මෙම තරඟාවලිය තුළ ක්‍රීඩකයෙකු විසින් රැස් කළ එකම ශතකය ද වෙනවා. 

වැඩිම අර්ධ ශතක ලබාගත් ක්‍රීඩකයන් අතර 2 වන ස්ථානය ද, අර්ධ ශතක 2ක් ලබාගත් පැතුම් නිස්සංකට හිමි වෙනවා. ඒ වගේම 3 වැනියට වැඩිම 6 පහර සංඛ්‍යාවකට මෙන්ම, 2 වැනියට වැඩිම 4 පහර සංඛ්‍යාවකට හිමිකම් කියමින් 2025 ආසියානු කුසලානය තුළ 2 වැනියට වැඩිම Boundaries සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ද ඔහුයි.

මේ සියලු අවස්ථාවල පැතුම් නිස්සංකට ඉහළින් අංක 1ට නම සටහන් කරගෙන ඇත්තේ ඉන්දීය ආරම්භක පිතිකරු වන අභිෂේක් ශර්මා විසින්. 

ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු අතර 3 වන ස්ථානය ලබාගන්නේ කුසල් මෙන්ඩිස් විසින්. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවී ලබාගත් 74* සමගයි.

Best Bowling Figures අතර 2 වැනි තැන රැඳී ඇත්තේ නුවන් තුෂාර ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුළු 4 (4/18) යි. 

තරඟාවලිය පුරා අපරාජිතව රැඳී සිටි ඉන්දියා කණ්ඩායමට තියුණුම තරඟයක් දීමට සමත් වුණේ ශ්‍රී ලංකාවයි. ඒ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරඟය Super Over එකක් කරා ගෙන යමින්.

Image credit: www.espncricinfo.com 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025