ආසියානු කුසලානය තැපෑලෙන් ඉල්ලන ඉන්දියාව

  • Home
  • /
  • Sports
  • /
  • ආසියානු කුසලානය තැපෑලෙන් ඉල්ලන ඉන්දියාව

2025 ආසියානු කුසලානයේ අවසානයත් සමග අවසානයේ සම්මාන ප්‍රදානෝත්සවය විවිධ නාටක පිරුණු පුවත් මවන තැනක් බවට පත් වුණා. 

එහිදී ජයග්‍රාහී ඉන්දියානු කණ්ඩායමට සම්මානය ප්‍රධානය කළේ වත්මන් ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිත්වය දරන Mohsin Naqvi විසින්. ඔහු පකිස්තානුවෙක් වන අතර ඒ අවස්ථාවේ Mohsin Naqvi අතින් සම්මානය පිළිගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. ඒ අවස්තාවේදී Naqvi සම්මානය සහ පදක්කම් ද රැගෙන ඉවත් වුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දේශපාලනික හේතු නිසා එය ලබා නොගත් බවත් ආසියානු කුසලානය මුම්බායි වල ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත එවන තෙක් අපේක්ෂාවෙන් සිටින බවත් දන්වා සිටිනවා.

මෙලෙස ඔවුන්ට අදාළ කුසලානය සහ පදක්කම් සිය රට වෙත එවන්නේ නැත්නම් එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ICC සමුළුවේදී මේ පිලිබඳ විරෝධය දක්වන බවත් ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් කුසලානය එපා කිව් ඉන්දීය කණ්ඩායම කුසලානයක් නැති හිස් වේදිකාවේ ජය සමරනවා දැකගන්න ලැබුණා.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025