2025 ආසියානු කුසලානයේ අවසානයත් සමග අවසානයේ සම්මාන ප්‍රදානෝත්සවය විවිධ නාටක පිරුණු පුවත් මවන තැනක් බවට පත් වුණා.
එහිදී ජයග්‍රාහී ඉන්දියානු කණ්ඩායමට සම්මානය ප්‍රධානය කළේ වත්මන් ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිත්වය දරන Mohsin Naqvi විසින්. ඔහු පකිස්තානුවෙක් වන අතර ඒ අවස්ථාවේ Mohsin Naqvi අතින් සම්මානය පිළිගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. ඒ අවස්තාවේදී Naqvi සම්මානය සහ පදක්කම් ද රැගෙන ඉවත් වුණා.
පසුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දේශපාලනික හේතු නිසා එය ලබා නොගත් බවත් ආසියානු කුසලානය මුම්බායි වල ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත එවන තෙක් අපේක්ෂාවෙන් සිටින බවත් නිවේදනය කර තිබුණා.
දැන් මීට පිළිතුරු විදිහට ACC සභාපති Mohsin Naqvi පවසන්නේ ඔවුන්ට කුසලානය අවශ්‍යනම් ACC කාර්යාලය වෙත පැමිණ එය රැගෙන යන ලෙසයි.
මෙලෙස ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පවසන්නේ ලබා දීමට සූදානමෙන් සිටි බවයි. එම නිසා ACC වෙත පැමිණ එය රැගෙන යන ලෙස ඔහු පවසනවා. ඒ වගේම BCCI වෙතින් කිසිම ආකාරයකින් සමාව ගැනීමට ඔහු සූදානම් නැති බවත් ඔහු පවසනවා.