නිෂ්පාදකයෝ නොකියන sunscreens රහස

  • Home
  • /
  • Blog
  • /
  • නිෂ්පාදකයෝ නොකියන sunscreens රහස

Therapeutic Goods Administration (TGA) විසින් protection එක පිලිබඳ ඇති ගැටළු හේතුවෙන් වෙළඳසැල් වලින් sunscreens තව තවත් ඉවත් කර තිබෙනවා.

අඟහරුවාදා, TGA නිවේදනය කළේ අවශ්‍ය SPF ප්‍රමිතීන් සපුරාලිය නොහැකි base formulation සහිත තවත් sunscreens 10 ක් ආපසු කැඳවා හෝ තාවකාලිකව නතර කර ඇති බවයි.

sun protection එක ප්‍රකාශිත SPF අගයට වඩා බෙහෙවින් අඩු වූ පසු ඇතැම් sunscreens වර්ග සඳහා ආපසු කැඳවීමක් කළ අතර ඇතැම් ඒවායේ ප්‍රතිඵලය 4ක් තරම් අඩු අගයක් වාර්තා කර තිබුණා.

“මූලික පරීක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ මෙම base formulation එකට 21 ට වඩා වැඩි SPF අගයක් තිබීමට ඉඩක් නොමැති බවයි” යනුවෙන් TGA වෙබ් අඩවිය දක්වා තිබුණා.

“Base formulation එක භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද නිශ්චිත භාණ්ඩවල මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ ඒවායේ SPF අගය අවම වශයෙන් සමහර ඒවා සඳහා SPF 4 ක් තරම් අඩු විය හැකි බවයි.”

TGA විසින් ආපසු කැඳවා හෝ තාවකාලිකව විරාම කර ඇති එකම base formulation එක භාවිතා කරන sunscreens 21ක් තිබෙනවා.

“සෑම සමාගමක්ම base formulation එකට විවිධ වර්ග වලින් සහ ප්‍රමාණවලින් සුවඳ ද්‍රව්‍ය සහ වර්ණ ටින්ට් වැනි excipients (සහයක ද්‍රව්‍ය) එකතු කරන බව අධිකාරිය දන්නා” බව TGA ප්‍රකාශකයෙක් පැවසුවා. “මේ විදිහට excipients එකතු කිරීම sunscreens වල SPF බලපෑම වැඩි කිරීමට හෝ අඩු කිරීමට ඉඩ ඇති” බවත් ඒ මගින් දන්වා සිටියා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025