2026 T20 ලෝක කුසලානයට එන රටවල් 20

  • Home
  • /
  • Sports
  • /
  • 2026 T20 ලෝක කුසලානයට එන රටවල් 20

2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන රටවල් 20

2026 T20 ලෝක කුසලානය 2026 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා කණ්ඩායම් 20ක් සහභාගී වන අතර එම කණඩායම් මේ වන විටත් තෝරා පත්කරගෙන අවසන්.

යුරෝපීය කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟවල ඉහළම කණ්ඩායම් දෙක ලෙස නෙදර්ලන්තය සහ ඉතාලිය 2026 T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ක්‍රිකට් ලෝක කුසලානයකට ඉතාලිය සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

ඇමරිකානු කලාපීය අවසන් තරඟය පහසුවෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු කැනඩාවත් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් Bermuda, Cayman දූපත්, සහ Bahamas වලට එරෙහිව තරඟ 6න් 6ම ජයග්‍රහණය කර එම කලාපයේ තරඟාවලිය තුළ විශිෂ්ඨ ජයක් ලබා ගත්තා.

නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලැයිස්තුව සම්පූර්ණ කිරීම සඳහා Asia-EAP සුදුසුකම් ලැබීමේ තරඟ හරහා පැමිණියා.

සත්කාරක රටවල් 2 හැර, 2024 තරඟාවලියේ ඉහළින්ම සිටි රටවල් 7, 2026 තරඟාවලිය සඳහා සිය ස්ථාන තහවුරු කරගත්තා. 2024 ජුනි 30 වන දින T20I ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායම් තුන ද ඔවුන් හා එක් වුණා.

2025 ඔක්තෝම්බර් මාසයේදී අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමෙන් පසු සිම්බාබ්වේ සහ නැමීබියාව ප්‍රධාන තරඟාවලියේ ඔවුන්ගේ ස්ථාන තහවුරු කරගැනීමට සමත් වුණා.

T20 ක්‍රිකට් යනු 2028 LA ඔලිම්පික් උළලේදී අලුතෙන් එක්වන තරඟයයි.

අවසන් T20 ලෝක කුසලානය ඉන්දියාව විසින් දිනාගත් අතර ඔවුන් පසුගිය දිනවල පවතී ආසියානු කුසලානයත් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා සිටින රටවල් 20

Teams Qualification
1 India Tournament hosts
2 Sri Lanka Tournament hosts
3 Afghanistan Top 7 finish T20WC 2024
4 Australia Top 7 finish T20WC 2024
5 Bangladesh Top 7 finish T20WC 2024
6 England Top 7 finish T20WC 2024
7 South Africa Top 7 finish T20WC 2024
8 United States Top 7 finish T20WC 2024
9 West Indies Top 7 finish T20WC 2024
10 Ireland Rankings
11 New Zealand Rankings
12 Pakistan Rankings
13 Canada Americas Qualifier
14 The Netherlands Europe Qualifier
15 Italy Europe Qualifier
16 Zimbabwe Africa Qualifier
17 Namibia Africa Qualifier
18 Nepal Asia/EAP Qualifier
19 Oman Asia/EAP Qualifier
20 UAE Asia/EAP Qualifier

 

Image credit: www.espncricinfo.com 

Don't forget to share this post!

Recent Posts

515
October 20, 2025