ඕස්ට්‍රේලියාවේ Regional Areas වල පදිංචි වෙන්න මිලියන 6කට අවස්ථාව

ඕස්ට්‍රේලියාවේ Capital Cities වල තදබදය සහ අධික ජීවන වියදම අවම කිරීම සඳහා Regional Australia හෙවත් ප්‍රාදේශීය ප්‍රදේශ දියුණු කිරීමේ දැවැන්ත සැලසුමක් පිළිබඳව අලුත්ම තොරතුරු වාර්තා වනවා.

Regional Australia Institute (RAI) මඟින් නිකුත් කරන ලද 2026 Regional Population Planning වාර්තාවට අනුව, නිසි ප්‍රවාහන සහ යටිතල පහසුකම් ලබා දුන්නොත් 2050 වන විට ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහනය මිලියන 6.2 කින් පමණ ඉහළ යා හැකියි.. මෙය දැනට පවතින ජාතික ජනගහන වර්ධන වේගය මෙන් 2.5 ගුණයකටත් වඩා වැඩි අගයක්!

 

ප්‍රධාන නගරවල පීඩනය අඩු කරන්න Regional Development

ඉදිරි වසර 40 ඇතුළත ඕස්ට්‍රේලියාවට තවත් මිලියන 13.4 ක ජනගහනයක් එකතු වීමට නියමිතයි. ඉන් 80% ක්ම ප්‍රධාන නගරවල පදිංචි වෙනු ඇති බව රජය උපකල්පනය කරනවා.

නමුත් RAI හි ප්‍රධානී (CEO) Liz Ritchie පෙන්වා දෙන්නේ එය එසේ නොවිය යුතු බවයි.

නිසි ජාතික සංවර්ධන සැලසුමක් සකස් කළහොත්, 2050 වන විට ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 38% – 45% ත් අතර ප්‍රමාණයක් Regional ප්‍රදේශවල පදිංචි කරවිය හැකියි.

මෙයින් සිඩ්නි, මෙල්බර්න් වැනි නගරවල පවතින නිවාස අර්බුදය සහ යටිතල පහසුකම් මත ඇති පීඩනය විශාල ලෙස අඩු කරගන්න පුළුවන්.

 

Migration සහ රැකියා අවස්ථා

දැනට ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 36.3% ක් Regional ප්‍රදේශවල ජීවත් වුවද, 2024-2025 වර්ෂවල පැමිණි විදේශීය සංක්‍රමණිකයන්ගෙන් ප්‍රාදේශීය ප්‍රදේශවලට ගොස් ඇත්තේ 17% ක් වැනි කුඩා ප්‍රමාණයක්.

එසේ වුවත්, Regional ජනගහන වර්ධනයෙන් 46.2% කටම දායක වී ඇත්තේ විදේශීය සංක්‍රමණිකයන්. විශේෂයෙන්ම වයස අවුරුදු 25 ත් 44 ත් අතර වෘත්තිකයන් මෙසේ Regional ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙලා තියෙනවා.

සෞඛ්‍ය සේවකයන්, ගුරුවරුන්, ඉංජිනේරුවන්, Tradespeople, ගොවිපළ සේවකයන් සහ Hospitality staff යන ක්ෂේත්‍රවල පවතින දැඩි සේවක හිඟයට මේ හරහා විසඳුම් ලැබෙනවා.

ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහනය වයස්ගත වීම සහ සේවක හිඟය නිසා ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමට තරුණ සංක්‍රමණිකයන්ගේ පැමිණීම ලොකු රුකුලක්.

ඔයා ඕස්ට්‍රේලියාවේ PR හෝ හොඳ Visa pathway එකක් සොයන කෙනෙක් නම්, ඉදිරි වසර කිහිපය තුළ රජයේ වැඩිම අවධානය සහ ප්‍රතිපාදන ලැබෙන Regional Australia තෝරාගැනීම ගැනත් සලකලා බලන්න.

Don't forget to share this post!

Recent Posts