3-0ක් ලෙස නිම වුණු ශ්‍රී ලංකා – පාකිස්තාන සටන

  • Home
  • /
  • Sports
  • /
  • 3-0ක් ලෙස නිම වුණු ශ්‍රී ලංකා – පාකිස්තාන සටන

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති එක් දින ක්‍රිකට් තරඟාවලිය ඊයේ නිමා වුණා. 

දෙරට අතර පැවති පළමු තරඟය ලකුණු 6කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා. ඒ ජයග්‍රාහී ලකුණු 299ක් සමගින්. 

(ලකුණු 6කින් ගිලිහුණු එක් දින තරඟය: https://sannasa.com.au/archives/9597 

පාකිස්තාන අගනුවරට එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත පැමිණීමට ඉල්ලීම් කළ අතර ඒ සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් ඇති වුණා.

(පාකිස්තානෙන් ආවොත් වසර 2කට ක්‍රිකට් තහනම්: https://sannasa.com.au/archives/9636 

කෙසේ හෝ ආරක්‍ෂාව තර කිරීමට පොරොන්දු වීමෙන් පසු තරඟාවලිය කාලසටහන වෙනස් කර පැවැත්වීමට තීරණය කෙරුණු අතර ඒ අනුව දෙවන එක් දින තරඟය සිකුරාදා (14) පැවැත්වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම කදුළු 8කට ලකුණු 288ක් රැස් කළා. පාකිස්තාන කණ්ඩායම කඩුළු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු 289 රස කර ගැනීමට සමත් වුණා. තරඟයේ වීරයා ශතකයක් ලබාගත් බාබර් අසාම්.

3 වන සහ අවසාන එක් දින තරඟය Rawalpindi හිදීම ඊයේ (16) පැවැත්වුණු අතර එහිදීද කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව් ආශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 211ක් රස කරද්දී, පාකිස්තානය පන්දුවාර 44යි පන්දු අවසානයේ කදුළු 4ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් තරඟාවලිය 3-0ක් ලෙස අපරාජිතව නිමා කළා. තරඟයේ වීරයා මොහොමඩ් වසීම් Jr.  

ඒ අනුව තරඟ 3කින් සමන්විත තරඟාවලියේ ජය හිමි කර ගැනීමට පාකිස්තානය සමත් වෙද්දෙ තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ හැරිස් රෞෆ්.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සමග එක්ව පවත්වන 3 කොන් 20යි 20 තරඟාවලිය අඟහරුවාදා (18) ආරම්භ වෙනවා. ඒ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තරඟයකින්. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය නොවැම්බර් 20 පැවැත්වෙනවා. ආරක්ෂක හේතුන් මත එම තරඟාවලියත් Rawalpindi හිදීම පැවැත්වීමට නියමිතයි. 

Image credit: www.espncricinfo.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025