කලින් articles වලින් අපි කතා කළා කුලී නිවැසියෙක් විදිහට ඔයාගේ අයිතිවාසිකම් ගැන.
කුලී නිවැසියෙකු ලෙස ඔබේ අයිතිවාසිකම්: https://sannasa.com.au/archives/9648
නිවසේ කුලිය නොගෙවා සිටිය හැකි අවස්ථා දැනගන්න: https://sannasa.com.au/archives/9693
කුලී නිවැසියෙක් විදිහට ඔයාට අයිතිවාසිකම් වගේම වගකීම් කොටසකුත් පැවරෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.
කුලී නිවැසියෙකු ලෙස ඔබේ වගකීම්
අයිතිවාසිකම් වගේම, කුලී නිවැසියෙකු විදිහට ඔයාට නීතිමය වගකීම් කිහිපයක් ද තිබෙනවා. ඔයා ජීවත් වෙන නිවාස/දේපළ හොඳින් භාවිත කිරීම සහ තබා ගැනීම, කුලිය නියමිත වේලාවට ගෙවීම සහ lease agreement එකේ තිබෙන නියමයන් හරියට අනුගමනය කිරීම මෙයට ඇතුළත් වෙනවා.
ගිවිසුම යටතේ තිබෙන ඔයාගේ වගකීම් ඔයා ඉටු කරන්නේ නැති නම්, නිවාස හිමියා හෝ දේපළ වෙළඳාම් නියෝජිතයා විසින් ඔයාට දින 14 ක අවසන් කිරීමේ දැන්වීමක් හෙවත් termination notice එකක් ලබා දිය හැකියි. එවිට එම දින 14 තුළ ඔයාට සිටින කුලී නිවසින් ඉවත් වීමට සිදු වෙනවා.
ඒ නිසා lease agreement එකේ එකඟ වුණු විදිහට කටයුතු කිරීමෙන් ඔයාට ඇති වෙන බාධා අවම කරගන්න පුළුවන්. ඒ වගේම නිවාස හිමියා විසින් ඔයාට වැරදි චෝදනාවක් එල්ල කිරීම වලක්වා ගන්න අනුගමනය කළ යුතු දේවල් ගැන අපි කලින් articles වලින් කතා කළා. ඉතින් ඒ ගැනත් අවබෝධයෙන් ඉන්න.
ඔයා ශිෂ්‍යයෙක් වුණත් රැකියාවක් කරන කෙනෙක් වුණත් නවාතැන් ගන්න කුලියට නිවසක්/ කාමරයක් හොයනවනම් සලකා බැලිය යුතු ගොඩක් දේවල් ගැන අපි articles කිහිපයකින්ම කතා කළා. එකේදී වැදගත් වෙන;
1 . Listings
කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න: https://sannasa.com.au/archives/9404
2 . Bond
කුලිය ගෙවන්න කලින් Bond එක ගැන නීති දැනගන්න: https://sannasa.com.au/archives/9489
3 . Entry condition report
කුලියට ගෙයක් ගන්න කලින් මේ ගැන දැනගන්න: https://sannasa.com.au/archives/9550
ආදී දේවල් වලට සම්බන්ධ නීතිමය කරුණු ගැන වගේම ඔයා දැනගෙන සිටිය යුතු වෙනත් දේවල් ගැනත් අපි විස්තරාත්මකව කිව්වා. මේ දේවල් පිලිබඳ අවබෝධය වගේම නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා වගේම ඔයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නත් උදව් වෙනවා.
ඒ වගේම ඔයා හිතනවානම් ඔයාගේ නිවාස හිමියා විසින් ඔබට වෙනස්කම් (discrimination) කර ඇති බව, ඔයාට උපදෙස් සඳහා ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම (https://humanrights.gov.au/ ) හෝ පහත ලැයිස්තුගත කර තිබෙන අදාළ නීති ආයතනයක් අමතන්න පුළුවන්.
ඔයාගේ ගැටලුව කෙලින්ම විසඳා ගන්න නොහැකි නම්, උදව් ලබා ගන්න පුළුවන් කුලී නිවැසියන්ගේ unions සහ පාරිභෝගික උපදේශකයින් වැනි සංවිධාන තිබෙනවා. එක එක state සහ territory වලට අදාළ Fair Trading government agency වල link කිහිපයක් පහතින් දක්වා තිබෙනවා. ඒ මගින් ඔයාට උදව් ලබාගන්න පුළුවන්.
- New South Wales: NSW Fair Trading and Tenants Advice & Advocacy Services NSW
- Queensland: Tenants Queensland and Residential Tenancies Authority
- Victoria: Tenants Victoria and Consumer Affairs Victoria
- ACT: Tenants’ Advice Service and Access Canberra
- Western Australia: WA Department of Commerce and Tenancy WA
- Northern Territory: Tenants’ Advice Service and Consumer Affairs Northern Territory
- South Australia: Consumer and Business Services (CBS) and Tenants Information and Advisory Service
- Tasmania: The Tenants‘ Union of Tasmania
ඒ වගේම ඔයා student කෙනෙක් නම් ඔයා අධ්‍යාපනය ලබන ආයතනයෙන් හෝ ඔයාගේ local state හෝ territory government එකෙන් run කරන ඔයාට ළඟම තිබෙන study centre එකෙනුත් උදව් ලබාගන්න පුළුවන්.