ඕස්ට්‍රේලියානු Citizenship එක නැති කරන මේ වැරදි ගැන දන්නවාද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු Citizenship එක නැති කරන මේ වැරදි ගැන දන්නවාද?

අපි කලින් Articles වලින් කතා කළා ඕස්ට්‍රේලියාවේ citizenship එක ගන්න අවශ්‍ය වෙන general residence requirements ගැන, permanent residence කාලය Calculate කරන විදිහ සහ ඊට අදාළ වෙන Exemptions සහ special circumstances ගැන.

ඕස්ට්‍රේලියාවේ Citizenship එක ගන්න අවශ්‍ය PR සුදුසුකම්

ඕස්ට්‍රේලියානු Citizenship Apply කරන්න පෙර PR කාලය ගණනය කරමු

අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ citizenship එක ලබාගන්න අදාළ Character requirement එක ගැන. 

Character Requirement

ඔයාට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි නම්, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී ඔයාට ‘යහපත් චරිතයක්’ (Good Character) තිබීම අනිවාර්යයි.

මෙතැනදී යහපත් චරිතයක් යනුවෙන් දක්වලා තිබෙන්නේ පුද්ගලයෙකුගේ කල් පවතින සදාචාරාත්මක ගුණාංගයි.

Good character කියන දේ සලකන විට, ඔයා පහත සඳහන් දේවල් ඉදිරියේදී කරන්න ඉඩ තියෙනවද කියන එක ඔවුන් සලකා බලනවා.

  • ඕස්ට්‍රේලියාවේ නීතිවලට ගරු කිරීම සහ කීකරු වීම
  • පුරවැසි ප්‍රතිඥාව (citizenship pledge) හරහා ලබා දී ඇති අනෙකුත් පොරොන්දු සහ වගකීම් නිසි පරිදි සපුරාලීම 

 

චරිතය මැනීමට බලපාන අනෙකුත් කරුණු

මීට අමතරව, ඔයාගේ අයදුම්පත සලකා බැලීමේදී පහත සඳහන් දේවල් ගැනත් දැඩිව අවධානය යොමු කරනවා:

  • ඔයාගේ නමට ඇති වාර්තාගත අපරාධ වැරදි (Criminal convictions).
  • ඕස්ට්‍රේලියාවේ හෝ විදේශයන්හි අධිකරණයක් හමුවේ ඔබට ඇති නීතිමය බැඳීම්
  • සැකකටයුතු හෝ ගැටලුකාරී පුද්ගලයන්/කණ්ඩායම් සමඟ පවතින සබඳතා.
  • වාර්තා වූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම්
  • Visa හෝ citizenship application එකක් සම්බන්ධයෙන් ව්‍යාජ හෝ නොමඟ යවන තොරතුරු සැපයීම ඇතුළුව ඕස්ට්‍රේලියානු ප්‍රජාව සමඟ ඔබේ ගනුදෙනු වලදී ඔබ අවංක වී තිබේද යන්න

 

 

Don't forget to share this post!

Recent Posts

870
June 5, 2026