ඔයාගෙම business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අවශ්‍ය හැමදේම ගැන අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා.
ඒකට අදාළ 1 වෙනි කොටසින් අපි කතා කළා business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කළ යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද කියලා. (ඕස්ට්‍රේලියාවේ Business එකක් පටන් ගන්න ඉන්න ඔයා මුලින්ම කළ යුතු දේවල් මෙන්න: https://sannasa.com.au/archives/7377 )
ඒ වගේම 2 වෙනි කොටසින් කතා කළා business එක හරියට define කරගන්න විදිහ. ඒ කියන්නේ ඔයා පටන් ගන්න යන business එකට අදාළ ප්‍රධාන තීරණ කිහිපය ගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔයා business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගත්තා. (අලුතෙන් පටන් ගන්න Business එක ගොඩ දාගන්න නැතුව බැරි දෙයක්: https://sannasa.com.au/archives/7547 )
3 වෙනි කොටසේදී අපේ business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ ගැන කතා කළා. දැන් ඔයාට business plan එකකුත් තියෙනවා. (ඔයාගේ අලුත් Business එක ගොඩ දාගන්න හරියටම Business Plan එකක් හදමු: https://sannasa.com.au/archives/7624 )
අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයකට ලියාපදිංචි කිරීම්, licenses සහ permits අවශ්‍ය වෙනවා. මේවා ඔයාට නීතිය අනුගමනය කිරීමට, බදු බැඳීම් සපුරාලීමට සහ වෙළඳ නාමය ආරක්ෂා කර ගන්න උපකාර වෙනවා.
මේ සඳහා Business එක Register කිරීමට අදාළ මූලික කරුණු 3ක් ගැන කලින් article එකේදී කතා කළා. (ඔයාගේ Business එකේ Trade Mark එක: https://sannasa.com.au/archives/7701 )
- ABN එකක් ලබා ගැනීම
- ඔබේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම
- Trade mark එකක් භාවිත කරලා ඔයාගේ brand එක ආරක්ෂා කිරීම
අද කියන්නේ ඊටම අදාළ තවත් කාරණා කිහිපයක් ගැනයි.
- company එක ලියාපදිංචි කිරීම
ඔබ ඔබේ ව්‍යාපාරය, සමාගමක් ලෙස ව්‍යුහගත කිරීමට තෝරාගෙන තියෙනවා නම්, සමාගමේ විස්තර ලියාපදිංචි කළ යුතු වෙනවා. ඔබ ඔබේ සමාගම ලියාපදිංචි කරන විට, ඔයාට Australian Company Number – ACN (ඕස්ට්‍රේලියානු සමාගම් අංකය) එකක් නිකුත් කරනවා. මේක කලින් අපි කතා කරපු ABN එකට වඩා වෙනස් අංකයක්. ඔයා සමාගමක අධ්‍යක්ෂවරයෙකු වෙන්න නම් director ID එකක් සඳහාත් අයදුම් කළ යුතුයි.
- බදු සඳහා ලියාපදිංචි වීම
සියලුම ව්‍යාපාර සඳහා tax file number (බදු ගොනු අංකය) එකක් අවශ්‍ය වෙනවා. අනෙකුත් බදු ලියාපදිංචි කිරීම් පහත දේවල් මත රඳා පවතිනවා;
- ඔබේ ව්‍යාපාර ව්‍යුහය
- ඔබ විකුණන නිෂ්පාදන හෝ සේවා
- ඔබේ වාර්ෂික පිරිවැටුම
- ඔබේ state හෝ territory එක
- ඔබ පුද්ගලයින් සේවයේ යොදවන්නේද යන්න
Federal මෙන්ම state හෝ territory වශයෙන්ද බදු වර්ග තිබෙනවා.
අද සහ කලින් article එකෙන් Business registration එකට අදාළව කතා කරපු හැම දේම සාරාංශයක් විදිහට ගත්තොත් ඔයාගේ checklist එක;
- ඔබට ABN එකක් අවශ්‍ය නම් සහ එයට අවශ්‍ය හිමිකම් තිබේ නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න.
- ABN එකක් සඳහා අයදුම් කරන්න
- ව්‍යාපාර නාමයක් තෝරන්න
- ඔබේ ව්‍යාපාර නාමය ඔබේම නමට වෙනස් නම් එය ලියාපදිංචි කරන්න
- ඔබේ trade mark එක කුමක් දැයි තීරණය කරන්න
- ඔබේ trade marks එක දැනටමත් භාවිත වනවා දැයි පරීක්ෂා කරන්න
- trade marks සඳහා අයදුම් කරන්න
- director ID එකක් සඳහා අයදුම් කරන්න (ඔබට දැනටමත් එකක් නොමැති නම්)
- ඔබේ සමාගම ලියාපදිංචි කරන්න
- ඔබට අවශ්‍ය බදු ලියාපදිංචි කිරීම් සඳහා කටයුතු සූදානම් කරගන්න
- ඒ සියල්ල සඳහා ලියාපදිංචි වන්න