අලුත් Business එකට හරියනම Insurance එක

  • Home
  • /
  • Blog
  • /
  • අලුත් Business එකට හරියනම Insurance එක

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම Business එකක් පටන් ගන්න අවශ්‍ය වෙන මූලික කරුණු හැමදේම අපි කතා කළා.

(අලුතෙන් business එකක් පටන් විදිහ පියවරෙන් පියවර: https://sannasa.com.au/archives/9394 )

 

ඒ විදිහට පටන් ගත්ත ඔයාගේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එකේදී සලකා බැලිය යුතු පළවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management ගැන අපි කතා කරන්න පටන් ගත්තා.

(Business එකේ ආරක්‍ෂාවට කළ යුතු සියලුම දේ: https://sannasa.com.au/archives/9428 )

 

ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කළාට පසුව අනිවාර්යයෙන්ම එයට බලපාන අවධානම් රැසක් තිබෙනවා. ඒ නිසා අපි මේ අවධානම් වලට මුහුණ දෙන්න හොඳින් සූදානම් වෙලා ඉන්න එක වගේම ඒවා කළමනාකරණය කරන එකත් ඉතාම වැදගත්.

අවදානම් කළමනාකරණය 

ඔයාගේ ව්‍යාපාරයට ඇති ප්‍රධාන අවදානම් හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්න විදිහ ගැනයි අපි මේ යටතේ කතා කරන්නේ. එකේදී මුල්ම පියවර 2 අපි කලින් articles වලින් කතා කළා.

1 . ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් තේරුම් ගන්න

(ඔයාගේ Business එකට තිබෙන සැඟවුණු අවධානම: https://sannasa.com.au/archives/9534 )

 

2 . අවදානම් කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සාදන්න

(Business එක වැටෙන්නේ නැතුව ගොඩදාගන්න plan එක: https://sannasa.com.au/archives/9642 )

 

අද 3වෙනි පියවර විදිහට අපි කතා කරන්නේ ඔයාගේ Business එකේ ආරක්ෂාවට වැදගත් වෙන insurance එක ගැන.

3 . නිවැරදි රක්ෂණයක් ලබා ගන්න

ඔයාගේ Business එක මූල්‍යමය අලාභයකට මුහුණ දෙන අවස්තාවක, එහෙමත් නැත්නම් financial loss එකකදී එය ආරක්ෂා කිරීම තමයි Insurance එකක් මගින් බලාපොරොත්තු වෙන්නේ. ඒ මගින් ව්‍යාපාරය කඩා වැටීමේ අවදානම කළමනාකරණය කරනවා.

ඔයාගේ business එකට නීතිමය වශයෙන් හෝ ඔයා ගනුදෙනු කරන වෙනත් ව්‍යාපාරවල අවශ්‍යතාව අනුව insurance එකක් තබාගැනීම අවශ්‍ය විය හැකියි. වෙනත් ආකාරයේ රක්ෂණ ලබා ගැනීම ඔයාගේ තේරීම අනුව වෙනස් වෙනවා.

ඔයාට ව්‍යාපාරයට ගැලපෙන විදිහේ නිවැරදි Insurance එකක් ඇති බව සහතික කර ගැනීම සඳහා වෘත්තීය උපදෙස් ලබා ගැනීම වඩාත් හොඳයි.

කලින් article එකේ සහ අද කතා කරපු හැමදේමත් එක්ක අවදානම් කළමනාකරණයට අදාළ ඔයාගේ Checklist එක වෙන්නේ;

  • ව්‍යාපාර අවදානම් වල ප්‍රධාන වර්ග සහ ඔබ ඒවා කළමනාකරණය කළ යුත්තේ ඇයිදැයි තේරුම් ගන්න  
  • ඔබේ අවදානම් කළමනාකරණ සැලැස්මේ විෂය පථය තීරණය කරන්න
  • ඔබේ කාර්ය මණ්ඩලයෙන් සහ stakeholders ලාගෙන් අදහස් විමසන්න
  • ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් හඳුනා ගන්න
  • එක් එක් අවදානම එය සිදුවීමේ සම්භාවිතාව සහ ලබාදිය හැකි ප්‍රතිඵල මත පදනම්ව විශ්ලේෂණය කරන්න
  • එක් එක් අවදානම තක්සේරු කර එයට පිළියම් යෙදිය යුතුද යන්න තීරණය කරන්න
  • අවදානම් සඳහා පිළියම් යෙදීමට උපාය මාර්ග සංවර්ධනය කරන්න
  • විවිධ රක්ෂණ වර්ග මොනවාද කියන එක සහ ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය insurance මොනවාද යන්න තේරුම් ගන්න
  • බලපත්‍රලාභී insurance broker කෙනෙකුගෙන්, insurer කෙනෙකුගෙන් හෝ business adviser කෙනෙකුගෙන් විශේෂඥ උපදෙස් ලබා ගන්න
  • ඔබේ රක්ෂණය මගින් නිසි පරිදි ආවරණය වී ඇති බවට වග බලා ගැනීම සඳහා ඔබේ policies නිතිපතා Review කරන්න

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025