ඕස්ට්‍රේලියාවේ විවාහයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය දේවල්

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ විවාහයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය දේවල්

ඕස්ට්‍රේලියාවේ සිට විවාහයක් ලියාපදිංචි කරන විදිහ ගැන අපි කතා කළා. එකේදී කිව්ව Notice of Marriage සඳහා අවශ්‍ය වෙන ලියකියවිලි සහ විවාහ ලියාපදිංචිය (Registration of Marriage) සඳහා අවශ්‍ය Supporting Documents මොනවද කියන එක තමයි මේ article එකෙන් අරගෙන එන්නේ.

Notice of Marriage සඳහා අවශ්‍ය Supporting Documents

සෑම Supporting Document එකක් සඳහාම, original document එක + photocopies set 1ක් ඉදිරිපත් කළ යුතුයි. Notice of Marriage හෝ Declaration එකේ Photocopy එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.

සියලුම Photocopies A4 ප්‍රමාණයෙන් ඉදිරිපත් කළ යුතුයි.

මුල් පිටපත් වෙනුවට පරිවර්තන පිළිගන්නේ නැහැ.

Supporting documents:

  1. උප්පැන්න සහතිකය
  2. වලංගු passport එක සහ bio-data page සහ observations page වල පිටපත්
  3. Bachelor Certificate: ඔහු/ඇය ශ්‍රී ලාංකිකයෙක් නම්, ඔහුගේ/ඇයගේ දෙමාපියන්/සහෝදර සහෝදරියන් විසින් කොළඹ 01, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය හරහා bachelor status එක සහතික කරන සහතිකයක් ලබා දිය යුතුයි.ඔහු/ඇය ශ්‍රී ලාංකිකයෙක් නොවේ නම්, අදාළ විදේශ රජයේ අධිකාරියෙන් ලබාගත් Bachelor Certificate එකක් ඉදිරිපත් කළ යුතුයි.උදා: පාර්ශවය ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නම් සහ දැනට වික්ටෝරියා හි ජීවත් වන්නේ නම්, ඔහු/ඇය Births, Deaths & Marriages Victoria හරහා Bachelor Certificate එක ලබා ගත යුතුයි.
  4.  විවාහ දැන්වීමේ දිනයේම generate කරන ලද, දෙපාර්ශවයේම Visa Entitlement Verification Online (VEVO) ඉදිරිපත් කළ යුතුයි.
  5. වලංගු passports සහ සාක්ෂිකරුවන් සඳහා bio-data page එකේ සහ observations page එකේ පිටපත්. මෙම සාක්ෂිකරුවන් විවාහය ලියාපදිංචි කිරීම සඳහා වන සාක්ෂිකරුවන්ට වෙනස් නම්, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රවල bio-data page වල සහ observations page වල පිටපත් ද Notice of Marriage ඉදිරිපත් කරන දිනයේදී ඉදිරිපත් කළ යුතුයි.

 

විවාහ ලියාපදිංචිය (Registration of Marriage) සඳහා අවශ්‍ය Supporting Documents

විවාහ වන දෙදෙනාගේ සහ සාක්ෂිකරුවන්ගේ identification document එකක් (උදාහරණයක් විදිහට වලංගු passport එකක්) ඉදිරිපත් කළ යුතුයි.

 

ඕස්ට්‍රේලියාවේ විවාහයක් Register කරන්න අවැසි සුදුසුකම්

ඕස්ට්‍රේලියාවේ සිටම විවාහය ලියාපදිංචි කරමු

විවාහ වෙන ඔයා දැනගත යුතුම Notice of Marriage

 

 

 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025