ඕස්ට්‍රේලියාවේ අලුත් Business එකක් පටන් ගන්න ඔයා සූදානම්ද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ අලුත් Business එකක් පටන් ගන්න ඔයා සූදානම්ද?

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම Business එකක් පටන් ගන්න අවශ්‍ය වෙන මූලික කරුණු හැමදේම අපි කතා කළා.

(අලුතෙන් business එකක් පටන් විදිහ පියවරෙන් පියවර: https://sannasa.com.au/archives/9394 )

 

ඒ විදිහට පටන් ගත්ත ඔයාගේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එකේදී සලකා බැලිය යුතු පළවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management ගැන අපි කතා කරන්න පටන් ගත්තා.

(Business එකේ ආරක්‍ෂාවට කළ යුතු සියලුම දේ: https://sannasa.com.au/archives/9428 )

 

ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කළාට පසුව අනිවාර්යයෙන්ම එයට බලපාන අවධානම් රැසක් තිබෙනවා. ඒ නිසා අපි මේ අවධානම් වලට මුහුණ දෙන්න හොඳින් සූදානම් වෙලා ඉන්න එක වගේම ඒවා කළමනාකරණය කරන එකත් ඉතාම වැදගත්.

අවදානම් කළමනාකරණය 

ඔයාගේ ව්‍යාපාරයට ඇති ප්‍රධාන අවදානම් හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්න විදිහ ගැනයි අපි මේ යටතේ කතා කරන්නේ. එකේදී මුල්ම පියවර 3 අපි කලින් articles වලින් කතා කළා.

1 . ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් තේරුම් ගන්න

(ඔයාගේ Business එකට තිබෙන සැඟවුණු අවධානම: https://sannasa.com.au/archives/9534 )

 

2 . අවදානම් කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සාදන්න

(Business එක වැටෙන්නේ නැතුව ගොඩදාගන්න plan එක: https://sannasa.com.au/archives/9642 )

 

3 . නිවැරදි රක්ෂණයක් ලබා ගන්න

(අලුත් Business එකට හරියනම Insurance එක : https://sannasa.com.au/archives/9678 )

 

4 . policies සහ procedures නිර්මාණය කරන්න

(ඕස්ට්‍රේලියාවේ අලුත් Business එකක් පටන් ගමු: https://sannasa.com.au/archives/9828 )

 

අද 5වෙනි පියවර විදිහට අපි කතා කරන්නේ ඔයා, ඔයා ගැන සැලකිලිමත් විය යුතු ආකාරය ගැන. 

5 . ඔබ ගැන සැලකිලිමත් වන්න

ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන එක ආතතියට හේතු වෙන්න පුළුවන්. ඔයාගේ මානසික සෞඛ්‍යය පිරිහෙනවා නම් ඔයාගේ ව්‍යාපාරය සඳහා අවධානය යොමු කරන එක දුෂ්කර වෙන්න පුළුවන්.

ව්‍යාපාරයක හිමිකරුවෙක් විදිහට ඔයාගේ පීඩනය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන් දේවල් අතර;

  • දිගු වෙලාවක් වැඩ කිරීම 
  • අධික වැඩ ප්‍රමාණය
  • ව්‍යාපාර මූල්‍ය සහ මුදල් කටයුතු 

ඔයා ආතතියෙන් පෙළෙනවා ද යන්න පිලිබඳ සලකුණු හඳුනා ගැනීම සහ එහි බලපෑම් අඩු කරන්නේ කෙසේද යන්න දැනුවත් වීම වැදගත්.

ඔයාට අවශ්‍ය නම් මේ පිළිබඳව පුහුණු mental health professional කෙනෙකුගෙන් උපකාර ලබා ගන්න.

කලින් article එකේ සහ අද කතා කරපු හැමදේමත් එක්ක අවදානම් කළමනාකරණයට අදාළ ඔයාගේ Checklist එක වෙන්නේ;

  • ව්‍යාපාර අවදානම් වල ප්‍රධාන වර්ග සහ ඔබ ඒවා කළමනාකරණය කළ යුත්තේ ඇයිදැයි තේරුම් ගන්න  
  • ඔබේ අවදානම් කළමනාකරණ සැලැස්මේ විෂය පථය තීරණය කරන්න
  • ඔබේ කාර්ය මණ්ඩලයෙන් සහ stakeholders ලාගෙන් අදහස් විමසන්න
  • ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් හඳුනා ගන්න
  • එක් එක් අවදානම එය සිදුවීමේ සම්භාවිතාව සහ ලබාදිය හැකි ප්‍රතිඵල මත පදනම්ව විශ්ලේෂණය කරන්න
  • එක් එක් අවදානම තක්සේරු කර එයට පිළියම් යෙදිය යුතුද යන්න තීරණය කරන්න
  • අවදානම් සඳහා පිළියම් යෙදීමට උපාය මාර්ග සංවර්ධනය කරන්න
  • විවිධ රක්ෂණ වර්ග මොනවාද කියන එක සහ ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය insurance මොනවාද යන්න තේරුම් ගන්න
  • බලපත්‍රලාභී insurance broker කෙනෙකුගෙන්, insurer කෙනෙකුගෙන් හෝ business adviser කෙනෙකුගෙන් විශේෂඥ උපදෙස් ලබා ගන්න
  • ඔබේ රක්ෂණය මගින් නිසි පරිදි ආවරණය වී ඇති බවට වග බලා ගැනීම සඳහා ඔබේ policies නිතිපතා Review කරන්න
  • Policies හෝ procedures නිර්මාණය කිරීම සහ update කිරීම පිළිබඳව ඔබේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න 
  • ඔබේ වැදගත්ම කාර්යයන් හඳුනාගෙන එම එක් එක් කාර්යය සඳහා standard operating procedures (SOPs) සාදන්න
  • ඔබේ policies, procedures සහ processes ලේඛනගත කර කාර්ය මණ්ඩලයට ඒවාට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව තහවුරු කරන්න 
  • ඔබේ policies, procedures සහ processes  නිතිපතා සමාලෝචනය කරන්න 
  • ආතතිය යනු කුමක්ද යන්න අවබෝධ කරගන්න සහ ඔබට එය කළමනාකරණය කළ හැකි ආකාරය තේරුම් ගන්න
  • සෞඛ්‍ය සම්පන්න work-life balance එකක් පවත්වා ගැනීමට ක්‍රම සැලසුම් කරන්න
  • ඔබට අවශ්‍ය නම් වෘත්තීය උපකාර ලබා ගන්න

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025